ආර්ථික ක්‍රියාකාරකම්වලට සහය දැක්වීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය තවදුරටත් අඩුකර තිබේ.
ඊයේ දිනයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ විශේෂ රැස්විමේදී මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි අඩු කිරිමට තීරණය කර තිබේ.
උද්ධමන පීඩන අඩුවෙන් පවතින වතාවරණයක් තුළ කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් ඇතිවන අහිතකර ආර්ථික බලපෑම් වලට මුහුණදීම සදහා ආර්ථිකයට තවදුරටත් සහය විමේ අයශ්‍යතාව සලකා බලා මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.