අපවත් වී දෙමසක් ගත වූවත් සිරුර දිරාපත් නොවන භික්ෂුවක් තායිලන්තයේ

Share

Luang Phor Pian නමින් හැඳින්වෙන තායිලන්ත භික්ෂුව පසුගිය නොවැම්බර් මස 16 වන දින අපවත් වී ඇත්තේ වයස අවුරුදු 92 සම්පූර්ණ ව සිටිය දීය.

කාම්බෝජ භික්ෂුවක් වන උන්වහන්සේ තම ජීවිත කාලයේ වැඩි කාලයක් තායිලන්තයේ ජීවත් වුණ බව වාර්තා වන අතර තායිලන්තයේ ඉතාමත්ම බෞද්ධ දර්ශනයට ලැදි භික්ෂුවක් වශයෙන් ප්‍රකටව සිටි වාර්තා වේ.

මෙම සතියේ දායකයන් විසින් උන් වහන්සේගේ සිරුර තැන්පත් කළ තිබූ ස්ථානයෙන් (coffin) සිරුර පිටතට ගෙන ඇත්තේ නැවතත් අලුත් සිවුරු පැලඳවීමේ චාරිත්‍රය කට අනුවයි.

එහෙත් සියල්ලන්ම විශ්මයට පත්කරමින් ඔවුන් දැක ඇත්තේ සිනහ මුසු මුහුණින් සිටින උන් වහන්සේගේ සිරුර දිරාපත් නො වී ඇති ආකාරයයි. මෙම සිරුර නිරීක්ෂණය කළ පරීක්ෂකයින් පවසා ඇත්තේ අපවත් වී මාස දෙකකට වඩා කාලයක් ගත වුවත් උන්වහන්සේගේ සිරුර මියගොස් පැය 36 කට වඩා කාලයක් ගත නොවූ පුද්ගලයකුට සමාන ලක්ෂණ ඇති බවයි.

තායිලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ උන්වහන්සේගේ සිරුරේ අවසන් කටයුතු චාරිත්‍ර වලට අනුව උන්වහන්සේ අපවත් වී දින සියයක් ගතවූ පසු සිදු කරනු ඇති බවයි.

Read more

Local News