ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ සිම්බාබ්වේ අතර තුන්කොන් තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සියතට ගනී.

Share

බංගලාදේශයේ ඩකාහිදී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලකුණු 79කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 221 ක් ලබාගත්තේය. උපුල් තරංග 56ක් මෙන්ම නායක දිනේෂ් චන්දිමාල් 45 ක් ද ලබාගත් අතර පන්දු යැවීමේදී රුබල් හුසේන් කඩුලු 04 ක් බිඳහෙලීය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 41 යි පන්දු 01 ක් අවසානයේ ලබාගැනීමට හැකිවුයේ ලකුණු 142 ක් පමණයි.

මුශ්ෆිකර් රහීම් ලකුණු 22ත් සහ මහමුදුල්ලා 76ක් ලබාගත් අතර පන්දු යැවීමේදී අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර කඩුලු 02 බැගින් බිඳහෙලීය. අද සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ශෙහාන් මදුෂංක කඩුලු ත්‍රිත්වයක් ද ලබා ගනිමින් වාර්තා අතරට එක්වීම විශේෂත්වයක් බවට පත්විය.

වොයිස් ඔෆ් ඒෂියා (Voice of Asia Network ) මාධ්‍ය ජලයේ “සියත FM” නිළ ගුවන්විදුලිය ලෙස දායකත්වය දැක්වූ , 2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම රටවල් කිහිපයක් අතර පැවැත්වුන තරඟාවලියක් ජයගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙම ජයග්‍රහණය වාර්තාවේ. මෙම තීරණාත්මක තරඟාවලියේ නිළ රුපවාහිනී විකාශක ලෙස කටයුතු කරනු ලබන්නේ VOA මාධ්‍ය ජලයේ සියත TV නාලිකාව වීම තවත් විශේෂත්වයකි.

Read more

Local News