ශ්‍රී ලංකා සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා අතර පළමු නාවික අභ්‍යාසය ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම්වරිය ඇලිස් ජී වෙල්ස් පැවසුවාය.
ශ්‍රී ලංකා සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා අතර සබඳතා පුළුල් කිරීමේ පියවරක් වශයෙන් එම අභ්‍යාසය ක්‍රියාත්මක කරන බව ඇය කියා සිටියේ සිකුරාදා (සැප්තැම්බර් 01) කොළඹ පැවති ඉන්දීය සාගර සම්මන්ත්‍රණය අමතමිනි.
දකුණු ආසියානු කලාපය තුළ නාවික සහයෝගිතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්‍රමුඛත්වය හිමිවන බවත් ඇය සඳහන් කළාය.
එක්සත් ජනපදය, ඉන්දියාව සහ ජපානය එක්ව පසුගිය ජුලි මාසයේ දී පැවැත්වූ නාවික අභ්‍යාසය මෙතෙක් පැවති විශාලතම සහ වඩාත් සංකීර්ණ නාවික අභ්‍යාසය වූ බව කී දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම්වරිය ඒ සඳහා පුද්ගලයන් දසදහසකට අධික පිරිසක් සහභාගී වූ බව පැවසුවාය.
එමෙන්ම අග්නිදිග ආසියානු සහයෝගිතාව සහ පුහුණු මාලා වැනි නිතිපතා කෙරෙන අභ්‍යාස තුළින් බංග්ලාදේශය සමග ඇමරිකා එක්සත් ජනපදය පවත්වා ගෙන යනු ලබන අඛණ්ඩ සම්බන්ධතාව අගය කරන බවත් ඇය සඳහන් කළාය.
අතුරුදහන් වූවන්
Image copyrightU.S. EMBASSY COLOMBO, SRI LANKA
Image copyright U.S. EMBASSY COLOMBO, SRI LANKAනුදුරු අනාගතයේ දී යම් දිනක කලාපයේ සියලුම නාවික හමුදා ඒකාබද්ධව අභ්‍යාසවල නිරත වනු ඇති බව ඇමරිකාවේ බලාපොරොත්තුව බව කී දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම්වරිය නාවික කටයුතු අන්තර්ජාතික මට්ටමින් පවත්වාගෙන යාමට අවශ්‍ය සාමූහික ශක්තිය ගොඩනැංවීමට සහයෝගයෙන් ක්‍රියා කරනු ඇති බවටත් බලාපොරොත්තු පළ කරන්නීය.
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම්වරිය ඇලිස් ජී වෙල්ස් සිය සංචාරය අතරතුර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමු විය.
එමෙන්ම බලහත්කාර අතුරුදහන් කර වීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිති කර ගනිමින් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් එක්ව අගෝස්තු 30 වෙනිදා සංවිධානය කළ වැඩසටහනකට ද ඇය සහභාගී වූවාය.




