20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත උතුරු පළාත් සභාවේදී පරාජයට පත්වෙ

Share

මැතිවරණ පැවැත්වීමේ නියමයන් ඇතුලත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද  උතුරු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු සියලූදෙනා  ඒකමතිකව පරාජයට පත් කළහ.

උතුරු පළාත් සභා සභාපති සි වි කේ සිවඥානම් මහතා විසින් පළාත් සභාවට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබූ අතර මන්ත්‍රිවරු  හා අමාත්‍යවරු එම ව්‍යස්ථා කෙටුම්පත පිළිනොගනිමින් අදහස් දැක්වූහ.

පළාත් සභාවේ අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍ය සී වි  විග්නේෂ්වරන් මහතා පවසා සිටියේ පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට දරණ උත්සාහයට    සහයෝගය ලබාදීමට නොහැකි බවයි. පළාත් සභාව වෙත බලතල ඉල්ලා සිටින අවස්ථාවක පවතින බලතල කප්පාදු කිරීමට මධ්‍යම රජය සූදානම් වන බවද දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරු  කීහ.

Read more

Local News