හෙරොයින් තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් පිළියන්දල ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 10ක් සොයාගෙන තිබේ.