ලොව වැඩිම ගෙවීම් ලබන රංගන ශිල්පිීන් මෙන්න

Share

ලොව වැඩිම ගෙවීම් ලබන රංගන ශිල්පියා ලෙස සුපිරි හොලිවුඩ් ක්‍රියාදාම නළු ඩ්වේන් ජොන්සන් නම් කර තිබේ.

 

ෆෝබ්ස් සඟරාවට අනුව ඔහු ඉකුත් වසරේ ජුනි පළමු වැනිදා සිට මේ වසරේ ජුනි පළමු වැනිදා දක්වා කාලය තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 87.5 කි.

එම ලැයිස්තුවේ සෙසු ස්ථාන රයන් රෙනෝල්ඩ්ස් , මාක් වැල්බර්ග්, බෙන් ඇෆ්ලෙක් සහ වින් ඩීසල් අයන සුපිරි නළුවන්ට හිමිවිය.

බොලිවුඩ් නළුවන් අතරින් ලොව වැඩිම ගෙවීම් ලබන නළුවන් 10 දෙනාගේ ලයිස්තුවට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූවේ අක්ෂේ කුමාර් පමණි.

අමෙරිකානු ඩොලර් මිලියන 48.5 ක් ඉපැයූ ඔහුට එම ලයිස්තුවේ හය වන ස්ථානය හිමිවිය.

ඉකුත් වසරේ ලොව වැඩිම ගෙවීම් ලද නිළියන්ගේ නම් ලැයිස්තුව මෙතෙක් නිකුත්කර නොමැත.

Read more

Local News