ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කොරෝනා වැළඳී මරුට

Share

ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු දේශපාලනඥයෙකු වන චෙතන් චව්හාන් කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගොස් තිබේ.

 

ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

රෝගි තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මියගොස් ඇති අතර මියයන විට චෙතන් චව්හාන් 73 හැවිරිදි වියෙහි පසුවු බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

Read more

Local News