පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Share

අද (21) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

 

එහිදී ජනාධිපතිවරයා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රී යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර ලබන 27 සහ 28 යන දිනවල යළි පාර්ලිමේන්තුව රැස්වීමට ද, ඊයේ පැවැති  පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

එම දෙදින තුළ පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්ව දිවා ආහාර විවේකයෙන් තොරව පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්විමට එහිදි තිරණය වු බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳව ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ද  නියමිතව තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නම් කර කිරිමටද  එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර මරණ දඬුවමට ලක්ව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තුවට තේරී පත්වු ප්‍රේමලාල් ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යළි දැනුම් දි තිබේ.

ඊයේ ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස දැනුම් දුන්නද ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මංගල සැසිවාරය සඳහා සහභාගි වුයේ නැත.

Read more

Local News