අපරාධ මැඩලීමේ මෙහෙයුම්වල දී 103,651lක් අත්අඩංගුවට

Share

පසුගිය කාලය තුළ සිදුකරන ලද අපරාධ මැඩලීමේ මෙහෙයුම්වල දී සැකකරුවන් 103,651 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

 

ඊයේ (20) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම්, මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චොදනා මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

අදාළ වැටලීම්වල දී හෙරොයින් කිළෝග්‍රෑම් 23කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News