තීරැබදු රහිතව ආනයනය කළ කහ තොගයක් වටලයි

Share

කල්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් තීරුබදු රහිතව ආනයනය කළ බවට සැළකෙන කහ කිලෝ ග්‍රෑම් දහසකට ආසන්න ප්‍රමාණයක් සිය බාරයට ගෙන තිබේ.

 

පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර  කල්පිටිය, එරුම්පුකුඩල් ප්‍රදේශයේ ලොරි රථයක තිබී  මෙම කහ කැබලි කිලෝග්‍රෑම් 998ක තොගය සොයාගෙන තිබේ.

එමෙන්ම එම කහ තොගය ගෙන්වූ පුද්ගලයාගේ බවට සැකකළ හැකි ලියකියවිලි කිහිපයක් ද හමුවී ඇති අතර කහ තොගය සහ එම ලියකියවිලි විමර්ශන සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read more

Local News