අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි : අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන දිනය

Share

පාර්ලිමේන්තුව අද (28) දින පෙරවරු 9.30ට රැස්වීමට නියමිතය.

 

සැප්තැම්බර් මස 01 වැනිදා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන දින විවාදය සිදුකිරීමට නියමිතයි.

රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ඊයේ (27) ආරම්භ විය.

පූර්ණ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර රුපියල් බිලියන 750කට නොවැඩි මුදලක් භාණ්ඩාගර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනීම සඳහා වන යෝජනාව ද ඊයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඊයේ මෙන්ම අදත් පාර්ලිමේන්තු විවාදය දිවා ආහාර වේලාවෙන් තොරව පස්වරු 6.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News