දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමේ පළමු අදියර අවසන් – දෙවන වටයේ සම්මුඛ පරික්ෂණ ඉදිරියේදී

Share

2020 වසරට අදාළව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමේ පළමු අදියරේ සම්මුඛ පරික්ෂණ අවසන් වී ඇත.

 

මෙසේ දේශපාලන පක්ෂ 150කට වැඩි සංඛ්‍යාවක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි විම සඳහා ඉල්ලුම්පත් යොමු කර තිබේ.

එයින් 40ක් පමණ මූලික සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් පළමු අවස්ථාවේදී ම ඉවත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

සෙසු අයදුම්පත්‍රවලට අදාළව පළමු අදියරේ සම්මුඛ පරික්ෂණ පෙරේදා (29) දිනයෙන් අවසන් වී තිබේ.

දෙවන වටයේ සම්මුඛ පරික්ෂණ ඉදිරි දිනවලදී පැවැත්වෙන අතර ඉන් පසුව මැතිවරණ කොමිෂන් සභාව රැස්වී දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරනු ඇත.

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිම සඳහා ප්‍රධාන කරුණු කිහිපයක් සලකා බැලෙන අතර පසුගිය වසර 04ක කාලය තුළ පක්ෂයක් ලෙස දේශපාලන කටයුතුවල  නිරතව තිබීම මෙහි ප්‍රධාන කරුණ ලෙස සැලකෙයි.

මේ වන විට දේශපාලන පක්ෂ 70ක් මැතිවරණ කොමිෂන් සභාව තුළ ලියාපදිංචි කර ඇත.

වසර 04ක විගණන වාර්තා ඉදිරිපත් කිරීම, වාර්තා ඉදිරිපත් කිරීම සහ ජාතික තලයේ ගැටලුවලට මැදිහත්විම වැනි කරුණු සලකා බලන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Read more

Local News