ශ්‍රිලනිප 69 වැනි සංවත්සරය අද

Share

අද වැනි දිනක එනම් 1951 වසරේ ඇමතිවරයෙකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරනු ලැබිය.

 

එම පක්ෂය ඇතුළු සන්ධානය 1956 වසරේදී මෙරට රාජ්‍ය බලය හිමි කර ගැනීමට සමත් වූයේ මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් හිම් කර ගැනිමත් සමගය.

එතැන් සිට අවස්ථා කිහිපයකදී රටේ රාජ්‍ය පාලනය හෙබවූ එම පක්ෂයේ නායකයින් මෙරට සංවර්ධන ක්‍රියාවලියට හා රටේ ස්වෛරී භාවයට සුවිශේෂී දායක්තවයක් සපයනු ලැබිය.

අදට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 69 වැනි සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සැමරීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කෙරෙන බව ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

Read more

Local News