මෙරට ප්‍රවාහන සේවාව සංවර්ධනයට ඉන්දුනීසියාවෙන් සහය

Share

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ ඉන්දුනිසියානු තනාපති ගුස්ති නුග්රා ආර්ඩියාසා (GustiNgurahArdiyasa) මහතා අතර හමුවක් අද (03) දින බත්තරමුල්ල, සෙත්සිරිපාය, ප්‍රවාහන අමාත්‍යාංශයේදි පැවැත්විය.

 

මෙරට ප්‍රවාහන සේවාව සතු ගුණාත්මකභාවය ඉහල නැංවීම සදහා ඉන්දුනීසියානු ආයෝජන ප්‍රවර්ධනය කිරිමේ හැකියාව පිළිබදව ඉන්දුනීසියානු රජයෙන් ලබාදිය හැකි  සහයෝගය සම්බන්ධයෙන් අමාත්‍යවරයා හා තනාපතිතුමා අතර සාකච්ඡා පැවැත්වීණි.

මෙරට කොරෝනා මර්ධන ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක කිරිමට ශ්‍රි ලංකා රජය සමත්වීම පිළිබදව ඉන්දුනීසියානු රජයේ ප්‍රශංසාවද ශ්‍රි ලංකා රජය වෙත තනාපතිතුමන් විසින් පළ කරන ලදී.

මෙම අවස්ථාවට වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් කර්මාන්ත රාජ්‍ය  අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් එස්.එම්.එල්.කේ. අල්විස් මහතා, ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ස්වර්ණා ද සිල්වා මහත්මිය, ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් රෂිඩ් මහුමුඩීන් මහතා ( RasyidMahmuddin) සහ දෙවන ලේකම් නූර් ෆිට්රියා (NurFitria) මහත්මියද සහභාගි විය.

Read more

Local News