විදේශයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

Share

නේපාලයේ සහ ඊශ්‍රායලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණ ඇත.

 

කොරෝනා ව්‍යාප්තියත් සමග මෙරටට පැම්ණිමට නොහැකිව තිබු පිරිසක් ඊයේ දින මෙසේ යළි දිවයිනට පැම්ණ තිබේ.

ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 203 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වෙයි.

එමෙන්ම ඊයේ පස්වරුවේ නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු ද, කත්මණ්ඩු නුවර සිට මෙරටට පැමිණ තිබේ.

පැමිණි සියලුදෙනා කටුනායක ගුවන්තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කර ඇති අතර පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බව වාර්තා වෙයි

Read more

Local News