මෙරට වරාය පද්ධතිය ආසියාවේ කේන්ද්‍රස්ථානයක් කිරීමට වේගවත් වැඩපිළිවෙලක්

Share

මෙරට වරාය පද්ධතිය ආසියාවේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ(03) දින වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

සියලුම වරාය සේවක සංගම් නියෝජිත මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවේදි ශ්‍රී ලංකා වරාය පද්ධතියේ අනාගත ප්‍රගමනය හා වරාය සේවක සංගම් වල අභිවෘද්ධිය වෙනුවෙන් අනාගත සැලසුම් සකස් කළ යුතු ආකාරය පිළිබඳ එහිදී සමාලෝචනය කරනු ලැබීය.

මෙහිදී ශ්‍රී ලංකා වරාය පද්ධතිය ආසියාවේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ වේගවත් ක්‍රියාවලිය සදහා උපයෝගී වන ඵලදායී තීරණ රාශියක් ගනු ලැබින. මෙම අවස්ථාවට නාවික හා වරාය අමාත්‍යංශ ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා සහ වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Read more

Local News