අද කාලගුණ තත්ත්වය මෙන්න

Share

අද (05) දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් සවස් කාල‍යේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන අතර, ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු හා තාවකාලික තද සුළං ඇති විය හැකි බවද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි අතර යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වෙයි.

තවද දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේ දී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුව ඉහළින් පවතීන අතර අද දහවල් 12.09 වන විට අඟුලාන, කීරගල, බොගවන්තලාව, දියතලාව සහ කුඹුක්කන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතීන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි

Read more

Local News