සමගි ජන බලවේගයෙන් නිවේදනයක්

Share

ඒකාධිපති පාලකයෙන් බිහි කිරීමේ පළමු පියවර 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට රජය ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය බව සමගි ජන බලවේගය සදහන් කරයි.

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය සංශෝධනය කිරීම, හදිසි පනත් ගෙන ඒම පිළිබඳ වූ විධි විධාන සංශෝධනය කිරිම වැනි යෝජනා තුළින් දිස්වනුයේ රාජ ආණ්ඩුවක මූලික ලක්ෂණ බව නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පෙන්වා දෙයි.

ජනතාව ශක්තිමත් කිරිම පසෙකලා පවුලක් ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට දරණ ප්‍රයත්නය මෙම යෝජනාවලිය පුරාම දක්නට ලැබෙන බව එම නිවේදනයේ සඳහන්.

19 වන ව්‍යවස්ථා සංශෝධන සුරක්ෂිත කිරීමටත්, එය ශක්තිමත් කිරිමටත් පියවර ගන්නා ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්ව කටයුතු කරන බව ද සමගි ජන බලවේගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දශක 04කට ආසන්න කාලයක් ජනතාව තුළ නොනවතින අරගලයක ප්‍රතිඵලයක් ලෙස 2015 දී ලබාගත් ජනතා ජයග්‍රහණය ආපස්සට හැරවීමට දරණ උත්සහය ජනතාව අතර නීතිමය ක්‍රියාවලිය තුළ පරාජය කිරීමට ගත හැකි සියලුම පියවර ගන්නා බව සමගි ජන බලවේගය සදහන් කරයි.

Read more

Local News