මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3115ක් දක්වා ඉහළට

Share

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3115 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු ඊයේ පස්වරුවේ හඳුනා ගැනිමත් සමගයි.

ඔවුන් ඊශ්‍රායල, පිලිපීනය සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 196ක් වන අතර ඊයේ පස්වරුවේ තවත් කොරෝනා රෝගීන් 18 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2907ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read more

Local News