මුහුදු නොයන ලෙස ධීවරයින්ට දැනුම් දෙයි

Share

සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ක් දක්වා ඉහළ යා හැකි බැවින් හෙට(07) මධ්‍යහන 12.00 දක්වා කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News