නිව් ඩයමන්ඩ් නෞකාවේ යළිත් ගින්නක්

Share

අද (07) පස්වරුවේ නිව් ඩයමන්ඩ් නෞකාවේ නැවතත් ගින්නක් හටගෙන ඇති බව නාවික හමුදාව සදහන් කරයි.

 

නෞකාවේ ලෝහ මත පවතින අධික උෂ්ණත්වය සහ ගැඹුරු මුහුදේ අධික සුළං ප්‍රවාහය හේතුකොටගෙන මෙලෙස තවත් ගින්නක් ඇති වී තිබේ.

ඊයේ (06) ගින්න නිවාදැමීමට භාවිත කළ DCP නමැති රසායනික සංයෝගය අදත්, එම ස්ථානයට ගුවනින් පතිත කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.

දින 04ක් පුරා පැය 80කට ආසන්න කාලයක් සිදුකළ අඛණ්ඩ මෙහෙයුමකින් අනතුරුව “නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ගින්න ඊයේ පස්වරු 3.00ට පමණ වනවිට සාර්ථකව නිවා දැමීමට ශ්‍රී ලංකා ගුවන් හා නාවික හමුදා සමත්විය.

නාවික හමුදාව සඳහන් කළේ , ආපදාවට පත්වූ නෞකාව සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මේ වනවිට පවතින බවයි.

Read more

Local News