මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති

Share

බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (03) අපවත් වූහ.

ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.

දැයේ බුද්ධ ශාසනයට මහඟු සේවයක් කළ උන්වහන්සේගේ අපවත් වීම කෙරෙහි සියත ටීවී ප්‍රමුඛ voice of asia මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගය පළ කර සිටින්නෙමු.

Read more

Local News