කාලගුණයෙන් රතු නිවේදනයක්: කොළඹ රථවාහන තදබදයක්

Share

කාලගුණයෙන් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක් ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඊයේ පෙරවරු 8.30 සිට අද පෙරවරු 4.30 දක්වා වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වර්තා වන්නේ, කොළඹ ප්‍රදේශයෙන් වන අතර කොළඹ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාපිත වැසි මාන අනුව, එම අගය සටහන් වන්නේ, මිලිමීටර් 121 ක් ලෙසයි.

ගාල්ල, කහදුවට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 112ක් වන අතර ගාල්ල, ඇත්කඳුර ප්‍රදේශයට මිලිමීටර් 105 ක වර්ෂාපතයක් අදාළ කාලසීමාව තුළ ලැබී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ පස්වරුවේ සිට පවතින අධික වැසි හේතුවෙන්, ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවල මාර්ග ජලයෙන් යටවී තිබෙන බව වාර්තා වෙයි.

තද වැසි සමග කොළඹ ඉඟුරුකඩේ හංදිය ,ගාමිණි වටරවුම ,තුම්මුල්ල ඇතුළු ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ. ඒ හේතුවෙන් රථවාහන තදබදයක් පැවතිය හැකි බව පොලීසිය පවසයි.

Read more

Local News