මැදපෙරදිග රටවල් දෙකක සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 405 දෙනෙකු අද(13) අලුයම දිවයිනට පැමිණ තිබේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 341 දෙනෙකු සහ කටාර්හි සිට ශ්‍රි ලාංකිකයින් 64 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇත.
ඔවුන් සියලුදෙනා ගුවන්තොටුපොළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්කර නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.