එජාප නායකත්වය ගැන අවසන් තීරණය අද ?

Share

අද (14) දින එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විමට නියම්තව තිබේ.

 

පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00 ට පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි.

මෙහිදි එජාප නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.

නායකත්වය තෝරාපත් කරගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Read more

Local News