පිරිමි දරුවෙක්ට පහරදුන් විදුහල්පතිට වසර 2ක සිරදඬුවම්

Share

බාලවයස්කාර පිරිමි දරුවෙකුව කෲරත්වයට පත් කළ විදුහල්පතිවරයෙකුට වසර 2ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබේ.

 

2013 වර්ෂයේ දී වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙක්ට පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් විමර්ශන සිදුකර ඇත.

ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 52 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කර තිබේ.

අනතුරුව, නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමෙන් පසුව චූදිතයා විසින් ම තමා වරදකරු බවට පිළිගෙන ඇත.

වරදකරු වු විදුහල්පතිවරයා විසින් සිය වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය වසර 2ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කර, වසර 5කට අත්හිටුවා ඇති අතර, රු. 5000/=ක දඩ මුදලක් ද ගෙවීමට ද නියම කර තිබේ.

එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 3ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර පිරිමි දරුවාට රු. 25,000/=ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර ඇත.

එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසරක සිරදඬුවම් ලබා දීමට ද නියම කර ඇත.

Read more

Local News