මෙරට තවමත් කොරෝනා අවදානම පහව ගිහින් නෑ

Share

මෙරටට විදේශයේ සිට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන්, සමාජය තුළ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් වාර්තා නොවුණ ද එය රට තුළ පැතිරීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

 

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

යම්කිසි ලෙස අපට මඟහැරුණු හෝ අපෙන් ගිලිහීගිය කොරෝනා රෝගියෙකු මේ සමාජය තුළ සිටියහොත්, කොවිඩ්-19 රෝගියෙක් ලෙස හෝ රෝගීන් පොකුරක් ලෙස යම් දවසක වාර්තා වෙන්නට පුළුවන්, ඒ තුළින් අපේ සමාජය තුළ කොවිඩ්-19 රෝගය ව්‍යාප්තවීමේ විශාල අවදානමක් තිබෙනවා.

ඒ නිසා අපි සියලුදෙනා, මේ පිළිබඳ අවධානය යොමුකරලා කොවිඩ් -19 රෝගයට එරෙහිව කටයුතු කිරීමට සහ කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගන්නට ඕනේ.“  යැයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ “විදෙස්ගතව මෙරටට පැමිණෙන බොහෝ පිරිසකට කොවිඩ්-19 රෝගය වැළඳී තිබෙන බව අපට වාර්තා වෙනවා. පැමිණෙන සෑම රටකම පාහේ කොවිඩ්-19 රෝගීන් මෙරටට පැමිණෙනවා. මේ තත්ත්වය යටතේ දී ලංකාව තුළ මේ වනවිට සමාජය තුළ කොවිඩ්-19 රෝගය වාර්තා නොවුණ ද, අපේ රට තුළ කොවිඩ්-19 පැතිරීමේ අවදානම අඩුවක් නැහැ,“ යනුවෙනි.

මේ නිසා හැකිතාක් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව ඒ මහතා පැවසුවා.

 

Read more

Local News