මත්තල ගුවන් යානා ගොඩබැස්සවීමේ හා නතර කිරීමේ ගාස්තු අය කිරීම අත්හිටුවයි

Share

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් අනුව මත්තල ගුවන්තොටුපොළේ ගුවන් යානා නතර කිරීමේ හා ගුවන් යානා ගොඩබැස්සවීමේ ගාස්තු අය කිරීම වසරකට අත්හිටුවා ඇත.

 

මත්තල ගුවන්තොටුපොළට ජාත්‍යන්තර ගුවන් යානා ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව ගුවන් යානා නතර කිරීමේ ගාස්තුව ගොඩබැස්සවීමේ ගාස්තුවෙන් 10% ක් වන බවත් අමාත්‍යාංශය පැවසීය.

ඊට අදාළ නියෝග පසුගිය 08 වැනි දා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම්වලදී උපරිම පිටත් වීමේ බර මෙට්‍රික් ටොන් 1 ක් සඳහා අය කෙරෙන ගොඩබැස්සවීමේ ගාස්තුව ඩොලර් 4ක් වෙයි.

මත්තල ගුවන්තොටුපොළේ ගුවන්තොටුපොළ අපනයන බද්ද අය කිරීම වසර 02 ක් සඳහා සම්පූර්ණයෙන් ම අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි ව තිබේ.

Read more

Local News