20 වැනි ව්‍යවස්ථා අධ්‍යයනය කමිටු වාර්තාව අද ජනපති හා අගමැතිට

Share

අද දිනයේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත්කළ කමිටු වාර්තා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට භාරදීමට නියමිතව ඇත.

 

අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවට උදය ගම්මන්පිල, මොහොමඩ් අලි සබ්‍රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ඇතුළත් වන අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්. ව්‍යාලේන්ද්‍රන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරුන් ද කමිටුවට පත්කර තිබේ.

Read more

Local News