හෙට සිට ත්‍රීරෝද රථ හා යතුරුපැදි ධාවනය කළ යුතු මංතීරුව මෙන්න

Share

හෙට සිට ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ධාවනය කළ හැක්කේ වම් කෙළවර ඇති බස් ප්‍රමුඛතා මංතීරුවෙන් පමණක් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කරයි.

 

රාජගිරිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද(15) ඒ මහතා මේ බව සඳහන් කළේය.

යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සෑම මංතීරුවකටම මාරු වෙමින් ධාවනය වෙන බැවින් එය ගැටලුවක් බවත් එයට ප්‍රතිකර්මයක් ලෙස එම තීරණය ගත් බවද ඒ මහතා වැඩ්දුරටත් පැවසුවා.

“ඒ නිසා හෙට දවස මේ කටයුත්තේ පෙරහුරුව යොදාගෙන තිබෙන අවසාන දිනය. ඒ නිසා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා යතුරපැදිකරුවන්ගෙන් සහ ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් හෙට දවසේ මේ අත්හදාබැලීම සාර්ථක කර ගැනීම සඳහා වම් කෙළවර ඇති බස් ප්‍රමුඛතා මංතීරුවෙන් පමණක් යතුරුපැදි, පාපැදි සහ ත්‍රීරෝද රථ ගමන් කරන්න,“ යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

“එහිදී තමා ඉදිරිපිටින් ගමන් කරන බස් රථය බස් නැවතුම්පොළක නතර කළ අවස්ථාවේ දී සුළු ප්‍රමාදයක් ඔබට ඇතිවෙයි. එය ඉතාම ඉවසිලිවන්තව සිට ගමන් කරන්න,“ යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News