පාසල්වල පුද්ගල දුරස්ථභාවය නොමැති ක්‍රීඩා තවදුරටත් තහනම්

Share

පාසල් වල පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොවන ක්‍රීඩා ඉසව් සංවිධානය තවදුරටත් තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් නොමැති බැවින් එම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය සදහන් කරයි.

පාසල්වල සංවිධානය වන ක්‍රීඩා ඉසව් කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කර තිබෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, තනිව සිදු කරන ක්‍රීඩා හෝ ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී වන ක්‍රීඩා ඉසව් පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බවයි.

කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කරන නමුත් පුද්ගල දුරස්ථභාවය උපරිම කාලයක් ඇති කර ගත හැකි ක්‍රීඩා ඉසව් ද සෞඛ්‍ය උපදෙස්වලට අනුව සංවිධානය කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්ගීකරණයට අනුව කණ්ඩායම් වශයෙන් සිදු කරන නමුත් හැකිතරම් පුද්ගල දුරස්ථභාවය සහිත ක්‍රීඩා ඉසව් සංවිධානයට ද අවස්ථාව ලබා දී ඇතැයි අමාත්‍යාංශය පැවසුවේ ය.

අමාත්‍යාංශය සඳහන් කළේ, පුද්ගල දුරස්ථාභාවය තබා ගැනීමට හැකියාවක් නොමැති ක්‍රීඩා ඉසව් සංවිධානයට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය.

මේ සම්බන්ධයෙන් වන උපදෙස් චක්‍රලේඛයක් සියලු පාසල් ප්‍රධානීන්ට යොමු කළ බව ද අමාත්‍යාංශය පැවසුවේ ය.

අමාත්‍යාංශය සඳහන් කළේ, සංවිධාන වන සියලු ක්‍රීඩා ඉසව් නියමිත සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව සිදුවනවා ද යන්න අධ්‍යනයට නිලධාරීයෙක් පත්කරන්නැයි ද අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් දී ඇති බවයි.

Read more

Local News