තිදෙනෙකුගේ ජිවිත බිලිගත් රත්නපුර-අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුර

Share

රත්නපුර – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ දී අද(16) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

පොලීසිය පැවසුවේ, අවිස්සාවේල්ල සිට රත්නපුර දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක ඊට පිටුපසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එහිදී ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමේ දී මෙලෙස මරණයට පත්ව තිබේ.

මිය ගොස් ඇත්තේ අවුරුදු 48, 53 සහ 57 යන වයස්වල පසුවූ පුද්ගලයින් තිදෙනෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මේ පිළිබද වැඩිදුර විමර්ශන අවිස්සාවේල්ල පොලීසිය සිදුකරයි.

Read more

Local News