සියතට වසර 11 යි

Share

ශ්‍රී ලාංකීය ශ්‍රාවක හදවත් දිනා ගනිමින් දිනෙන් දින ඉදිරියට ගිය වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ තවත් නවකයෙකු නැවුම් මුහුණුවරකින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් අතරට පැමිණියා. ඒ 2009 වසරේ සැප්තැම්බර් මස 17 වනදා යි.

 

සියත පවුලේ මේ නවක සාමාජිකයා මෙරට රූපවාහීනිකරණයේ දැවැන්ත පෙරළීකරු බවට වෙමින් ඇසි දිසි උරුමය ලෙසින් මෙරට ලාංකීය ජනතාව සමීපයට පැමිණියා.

නිරන්තරයෙන් ම ආගම දහම මුල් කර ගනිමින් ස්වකීය ශ්‍රී ලාංකීය ජනතාවගේ සිත් සතන් පහන් කරන්නට සියත ටීවී වැඩසටහන් පෙළගැස්සුණා.

කාලීන තොරතුරු මෙන්ම රසවින්දනාත්මක වැඩසටහන් රැසැක්ම ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් මේ වන විටත් සියත ටීවී ඔස්සේ තිළිණ කර තිබෙනවා.

නව්‍යකරණය තුළ අදින් ඇරඹෙන සියත ටීවී 11 වෙනි වසර ශ්‍රී ලාංකීය ටෙලිවීෂන් වංශකතාවේ නව හැරවුම් ලක්ෂයක් සනිටුවන් කරන බව නොඅනුමානයි.

ආ මඟ දුරයි යා යුතු මඟ ද බොහෝ දුරයි. ඒ ගමන යන්නට දුක, සැප, සතුට, කදුළ, ජය, පැරදුම සමඟ සැමදා අප ලඟින්ම සිටි අප සැමදා දිරිමත් කළ ආදරණීය ඔබට අපගේ හෘදයාංගම උත්තමාචාරය සහ ගෞරවය.

Read more

Local News