දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ අයෙක්ට දුන් දඬුවම

Share

බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කර තිබේ.

 

කොළඹ ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පිරිමි දරුවෙක් 2013 වසරේදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයකින් පසු, කොළඹ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව, නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත නඩුවක් ඉදිරිපත් කිරීමෙන් පසුව, මහාධිකරණය විසින් නඩුව විභාග කොට 2020 වසරේ අගෝස්තු මාසයේ දී සැකකරු වරදකරු කොට තිබේ.

එසේ වරදකරු බවට ඔප්පු වූ චූදිතට අධිකරණය විසින් වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කළ අතර, ඊට අමතරව රු. 10,000/=ක දඩ මුදලක් ද නියම කර ඇත.

එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 8ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර  පිරිමි දරුවාට රු. 50,000/=ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර තිබේ.

තවද, එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසර 1ක සිර දඬුවම් ලබා දීමට ද නියම කර ඇත.

Read more

Local News