අටලුගම දී පොලීසියට පහරදීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Share

පසුගිය 9 වැනිදා බණ්ඩාරගම – අටලුගම – මරාව ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ෂාරිෆ් රිෆායි නොහොත් “ගොටුකොළ රිෆායි“ නැමැත්තා ය.

එම සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

Read more

Local News