තද වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

Share

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින් දිවයිනේ නිරිත දිග කෝටසේ සහ වයඹ පළාතේ, වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද(18) සිට බලාපොරොත්තු විය හැක.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී 100 -150 පමණ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News