කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක නීති විරෝධී ලෙස සූදු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් අතර කාන්තාවන් තිදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සතුව විදෙස් ගමන් බලපත්‍ර ද නොතිබූ බව පොලීසිය පැවසීය.
ඔවුන් අද(22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.