පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවක දී රත්මලානේ රොහා ජිවිතක්ෂයට

Share

ප්‍රබල අපරාධකල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් රත්මලානේ රොහා පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ජිවිතක්ෂයට පත්වී තිබේ.

 

ඊයේ(23) රාත්‍රියේ මෙම පුද්ගලයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇති බව වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර පොලීසිය සිදුකළ වෙඩි තැබිමෙන් සැකකරු මියගොස් තිබේ.

මොහු මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

Read more

Local News