කහ සහ කෙරළ ගංජා තොගයක් යුද හමුදා මාර්ග බාධකයක දී සොයාගනී

Share

මන්නාරම ප්‍රදේශයේ දී නීතිවිරෝධිව කහ සහ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මාර්ග බාධක යොදා සිදුකළ පරීක්ෂාවලදී මෙම කහ සහ කේරළ ගංජා සොයාගෙන ඇති බව යුද හමුදාව පවසයි.

මැදවච්චිය මන්නාරම මාර්ගයේ 543 වන බලසේනාවේ මාර්ග බාධාකයේ දී කුඩා ලොරි රථයක් පරීක්ෂා කිරිමේදී කහ කිලෝග්‍රෑම් 205 ක් සොයාගෙන තිබේ.

එම කහවල වටිනාකම රුපියල් ලක්ෂ 08කට අධික වන අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර තවත් මාර්ග බාධකයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 104ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News