20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් ඉදිරිපත් කිරීම හෙට අවසන් වෙයි

Share

හෙට(29) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කිරීම සඳහා ලබා දී තිබු කාලය අවසන් වෙයි.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පසුගිය 22 වනදා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 07ක කාලයක් ඊට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

පෙත්සම් ඉදිරිපත් කිරීමට පවතින කාලය හෙටින් අවසන් වීමට නියමිතයි.

මෙම පෙත්සම්වලට අදාළ තීරණය ‍ශ්‍රේෂ්ඨාධිකරණයට විසින් දින 21ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු අතර අදාළ කාලසීමාව තුළ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බව සඳහන්ය.

අද (28) දිනයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට නියමිතයි.

Read more

Local News