වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට

Share

ගල්ගමුව, දේවගිරිය ප්‍රදේශයේ දී වන අලි පහරදිමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

 

දේවගිරිය ප්‍රදේශයේ කූලි වැඩ සඳහා ගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකු යළි නිවස බලා පැමිණෙමින් සිටිය දී මෙම වන අලි පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.

එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි සහ 56 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

මියගිය පුද්ගලයින්ගේ මෘත ශරිර ගල්ගමුව රෝහලේ තැන්පත් කර ඇත.

Read more

Local News