විස්සට එරෙහිව පෙත්සම් 19ක්

Share

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

සමගි තරුණ ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අද(28) පෙරවරුවේ එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මේ වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 19 ක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය හෙටින් (29) අවසන් වීමට නියමිතයි.

Read more

Local News