කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ අගය අද(28) ඒකක 6000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
සියලු කොටස් මිල දර්ශකය (ASPI) එම සීමාව ඉක්මවා ගියේ 2020 ජනවාරි 7 වැනිදායින් පසු පළමු වරටය.
අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 6,028.20 ක් ලෙසින් සටහන් වූ අතර දිනය තුළ රු. බිලියන 1.89 ක පිරිවැටුමක් වාර්තා වී ඇත.