රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද(28) වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනු කර තිබේ.
ඉකුත් සිකුරාදා නිමවන විට ගොනු කර තිබූ සමස්ථ පෙත්සම් සංඛ්‍යාව වූයේ 18 කි.
අද දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සමගි ජන බලවේගය පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක, සිරිලක ජනතා පෙරමුණ වෙනුවෙන් නීතිඥ පී. ලියනාරච්චි ඇතුළු පාර්ශව විසින් තවත් පෙත්සම් 21ක් ගොනු කර ඇති බව වාර්තා වේ.
එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.
මෙම පෙත්සම් හෙට(29) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.