අද ලෝක හදවත් දිනයයි

Share

අද(29) ලෝක හදවත් දිනය වන අතර “හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාව වි තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලී මහත්මිය සඳහන් කළේ ලෝක හදවත් දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති බවයි.

“අපේ රටේ තුනෙන් එකක් මරණවලට හේතුව හෘද රෝග. ඊට අමතරව අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. නමුත් ඔවුන්ගෙන් පහෙන් එකක් පමණ තමන්ට අධි රුධිර පීඩනය තිබෙනවා කියලා දැනුවත් බවක් නැහැ.  ඒ නිසා  ලෝක හදවත් දිනය සැමරීම සඳහා ජනතාවගේ රුධිර පීඩනය මැන බැලීමට ජනතාව එකතුවන තැන්වල දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළවල්, රජයේ රෝහල් ආදී ස්ථානවල මෙම සතිය පුරාවටම අපි විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා. හදවත් රෝගවලට හේතු හතරක් තියෙනවා. ඒ දුම්පානය, මත්පැන් භාවිතය, අයහපත් ආහාර රටාවන් සහ ශාරීරිකව ක්‍රියාශීලි නොවීම ප්‍රධාන හේතුවයි.“ යනුවෙන් වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලී මහත්මිය වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වම්න් සදහන් කළාය.

Read more

Local News