මන්නාරමෙන් මිලියන තුනක කහ තොගයක් අල්ලයි

මන්නාරම ප්‍රදේශයේ දී රුපියල් මිලියන 3කට අධික වටිනාකමකින් යුත් කහ තොගයක් සමග පුද්ගලයෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

54 වන සේනාංකයේ සහ කමාන්ඩෝ භට පිරිස් සිදුකළ මෙහෙයුමක දී සැක කටයුතු පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම කහ ‍තොගය සොයාගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දුන් බව යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

Exit mobile version