ෆොන් එක නිසා යාවත්කාලීන වෙන ආදරය

Share

ආදරය අපි හැමෝටම ඕන. ඒත් එහෙමයි කියලා අපි කවුරුවත්ම කැමති නෑ තමන් ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතිය ඈත් වෙලා යනවට. ජිවිතේ අපි වටා ඇති වන ආදරණිය බැදීම් නැතිවෙන්න යන්නේ හරිම පොඩි කාලයක්. නමුත් ඒ බැදිම් ආයේ ඇති වෙන්න ගොඩනගාගන්න ලොකු කාලයක් ගත වෙනවා. සමහරවිට ආයේ කවදාවත් ඒ බැදිම් ඇති නොවෙන්නත් පුළුවන්.

 

ඒ නිසා හැමෝම උත්සාහ කරන්නේ බැදීම් ආරක්ෂා කර ගන්න. ආදරේකදි වුනත් අපි වැඩ්පුරම ආදරේ කරන කෙනාව සම්බන්ධ කරගන්න උත්සහ කරන්නේ ෆෝන් එකෙන්.

ඉතින් මේ ආදරේ කියන හැගීම හිතට ඇතුල් වෙච්ච මුල් කාලෙදී ප්‍රේමය වෙනුවෙන්ම කැප වෙන අය කාලයත් එක්ක ප්‍රේමය සම්බන්ධව ඇල්මැරුණු ප්‍රතිපත්තියක්. හැම දෙයක්ම කාලයත් එක්ක වෙනස් වන බව විදහා පාන්නට මෙන් ප්‍රේමයේ ජවයත් ටික ටික අඩු වෙලා යන බව ඔයත් අත්විදලා ඇති.

මුල් අවධියේදී පැය විසි හතර පුරාම ඔයාට මැසේජ්, කෝල් කරපු ඔබේ සහකරු දැන් දවසටම එවන්නේ මැසේජ් දෙක තුනක් විතරක් වෙන්නත් ඇති. මේ ගැටලුව විසඳ ගන්නේ කොහොමද ?

  • මුල ඉඳන්ම ජංගම දුරකථනය හරහා වෙලාවක් කලාවක් නැතිව පෙම් කරන්නට පටන් ගත්තම තමයි පසුකාලීනව මේ වගේ ගැටළු ඇති වෙන්නේ. වර්තමානයේ හැම පෙම්වතියක්, පෙම්වතෙක් තුලම තියෙන ගැටලුව තමයි “එයා දැන් මට ඉස්සර වගේ කතා කරන්නේ නැහැ. එයා දැන් ඉස්සර වගේ මට මැසේජ් කරන්නේ නැහැ.” කියලා.
  • ඇත්තටම පැය විසි හතරම දුරකතනයේ එල්ලිලා ඉන්න එක පහසු දෙයක් නෙවෙයි. ආදරය කරන්නට පටන් ගත්තු මුල් කාලයේදී ඇති වන ප්‍රේමනීය ජවය එක්ක පෙම්වතුන්ට ඒ බව දැනෙන්නේ නැහැ. ඒත් කාලය ගත වෙද්දී එක් සහකරුවෙක්ට මේ බව දැනෙන්න ගන්නවා. නමුත් අනිත් කෙනාට මේ බව එකවර දැනෙන්නේ නැති නිසා ගැටළු ඇති වෙනවා.

මුල් කාලේදී රැකියාව කරන අතරේත් දුරකථනය භාවිතා කරනවා. ඒත් පසු කාලීනව එයින් රැකියාවේ වැඩ පාඩු වන බව දැනුනම දුරකථන භාවිතය අඩු කරනවා.

ඒ වගේම සම්බන්ධකමක් පටන් ගත්ත මුල් දවස්වල පාඩම් වැඩ පාඩු කරගෙන දුරකථනය හරහා පෙම් කලත්, පසු කාලීනව තමන්ගේ ඉගෙනීමේ වේගය අඩු වන බව දැනෙද්දී දුරකථන භාවිතය අඩු කරනවා.

තව රෑ නිදි මරාගෙන දුරකථනය හරහා පෙම් කරන්නට පෙළඹෙනවා. නමුත් එක දිගට නිදි මැරීම නිසා ශරීරයට සහ මනසට දැනෙන අධික වෙහෙස, කාර්යාලයේදී නිදා වැටීම, එදිනෙදා වැඩ පාඩු වීම වැනි දෑ සිදු වන බව අවබෝධ වූ විට දුරකථන භාවිතය අඩු කරනවා.

ඒ වගේම තමයි දුරකථනය හරහා පෙම් කිරීමට පෙළඹීම නිසා දෙදෙනාට මුණ ගැසීමට ඇති උනන්දුව හීන වී යනවා. ඔබ දෙදෙනා කරන හැම දේ ගැනම දුරකථනය හරහා අනෙකාව ඒ මොහොතේම දැනුවත් කරන්නට පෙළඹෙනවා නම් එය හානිකර විය හැකියි. එවිට ඔබ දෙදෙනාට ඔබ දෙදෙනා ගැන ඇති උනන්දුව අඩු වී යනවා. මේ නිසා දුරකථනය මාර්ගයෙන් පෙම් සබඳතාවය යාවත්කාලීන කරන්නට යන්නේ නැතිව හමුවීම් වැඩි කරන්නට පියවර ගන්න.

ඔබ කරන වැඩ අතරමග නවත්තලා එන කෝල් වලට ආන්ස්වර් කරන්න ගියාම ටික කාලයක් යද්දී ඔබටම එය කරදරයක් ලෙස හැගෙන්න ගන්නවා. ඔබේ එදිනෙදා වැඩ පාඩු වෙනකොට ඔබට නොරිස්සුමක් ඇති වෙනවා. ඉතින් ඇයි ඔබ මුල සිටම මේ ගැන අවබෝධයෙන් යුතුව වැඩ නොකරන්නේ? මුල සිටම දුරකථනය භාවිතා කරන්නට නිසි වෙලාවක් තියා ගන්න. ඔබේ සහකරුවත් ඒ පිළිබඳව දැනුවත් කර තබන්න. ඔබ දෙදෙනාටම විවේක වෙලාව මොකද්ද කියලා සාකච්චා කරගෙන, ඒ වෙලාවට දුරකථන භාවිතා කිරීම යොදා ගන්න.

එක දිගට මැසේජ් යවන්න ගියාමත් ඒ එපා වීම සිදු වෙනවා. ඉඳ හිට ලැබෙන මැසේජ් එකක අගය නිතර දෙවේලේ ලැබෙන මැසේජ් තොගයටකට වඩා වැඩියි. හැම තිස්සෙම මෙසේජ් එනකොට සමහරු ඒවා කියවන්නෙත් නැතුවම ඩිලීට් කරලා දාන්නත් පෙළඹෙනවා.

දුරකථනය හරහා පෙම් කිරීම වෙනුවෙන් ඔබේ විනෝදාංශ කැප කරන්න එපා. එය ඔබට කාලයත් සමඟ මානසික විඩාවක් ගෙන දේවි. මිතුරන් හමු වූ විට දුරකතනයේ එල්ලී සිටින්නට එපා. ඔබේ මිතුරු හමු අසාර්ථක වීම නිසා ඔබේ මිතුරන් ඔබව ඇසුරින් ඈත් කරන්නටත් හැකියි. මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය ඔබට මානසික විඩාවක් ඇති වීමත්, එම හේතුව නිසා ඔබ දුරකථනය මඟින් ආදරය කිරීම කෙමෙන් කෙමෙන් නවතා දැමිමත්ය. එවිට ඔබේ සහකරුවාට එය අවබෝධ වන්නේ ඔබේ හදිසි වෙනස් වීමක් ලෙසයි.

Read more

Local News