පාස්කු ප්‍රහාරය : සැකකරුවන් නිදහස් කිරීම කණගාටුදායකයි

Share

ඉරුදින ප්‍රහාරයට ආදළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරිම සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය අප්‍රසාදය පළ කර තිබේ.

 

ඊයේ(03) දිනයේ කොළඹ අගදරගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළහ.

මෙලෙස පුද්ගලයින් නිදහස් කිරීම කිරීම පිටුපස දේශපාලන ගණුදෙනුවක් ඇතැයි තමන්ට සැක සිතෙන බව උන්වහන්සේ පෙන්වාදෙයි.

මෙහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට ද පිළිතුරු දෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ ආදාළ පරීක්ෂණ කටයුතු නිසි පරිදි සිදු කරන ලෙසය.

එමෙන්ම මෙම පුද්ගලයින්ට විරුද්ධව සාක්ෂි තිබෙන බව මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශ ප්‍රධානින් පැවසු බවත් එවැනි තත්ත්වයක් තිබීයදී එම සැකකරුවන් නිදහස් කිරීම කණගාටුදායක බවද උන්වහන්සේ පැවසූහ.

Read more

Local News