ප්‍රතිකාර කිරිමට අකමැති කොරෝනා රෝගීන්ට එරෙහිව නීතිමය පියවර

Share

කොරෝනා රෝගීන් ප්‍රතිකාර සේවා සඳහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් විශාල පිරිසක් වාර්තා වීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කරනු ලැබිය.

මේ අතර එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

නමුත් ඇතැම් පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වී තිබේ.

මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙසට තමන් රෝගී ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටින බවද අමාත්‍යවරිය පවසයි.

Read more

Local News